යාපනයේ ක්රියාත්මක ‘ආවා' කල්ලියේ සාමාජිකයන් බවට සැකකෙරෙන තවත් තිදෙනෙකු ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් අරුණි ආටිගල මහත්මිය අද (09දා) නියෝග කළාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳ ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කළ බවත්, එම පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරුවලට අනුව යාපනයප්රදේශයේදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවත් දැනුම් දුන්හ.