ආවා කල්ලියේ මහමොළකරුවන් බවට සැකකෙරෙන තිදෙනෙකු යාපනය පොලීසියේ විශේෂ වැටලීම් ඒකකයක් මගින් ඊයේ (29දා) කොළඹදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මන්නාරම් පාර වවුනියාව පදිංචි ආෆ්ඩීන් මෙහොඩ් ඉත්තම්, දුම්රියපොළ පාර යාපනයේ පදිංචි සිවකුමාර් කිලියොන්, ඔට්ටුමඩම් යාපනයේ පදිංචි රාසේන්ද්රන් සින්දුජන් නැමැත්තෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ එම කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් 17,18 හා 22 යන වයස්හි පසුවන්නන් බව පොලීසිය කියයි.