ආවා කල්ලියේ තවත් 3ක් අත්අඩංගුවට
- 10 08 2017
- 07:56
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
ආවා කල්ලියට අයත් තවත් සැකකරුවන් තිදෙනෙකු චුන්නාකම් පොලිස් වසමේ මල්වම් කනත්ත අසලදී ඊයේ (09දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මානිප්පායි ප්‍රදේශයේ පදිංචි තුරෙයිසිංහම් රාජ් කුමාර් නොහොත් අජිත් කුමාර්, එම ප්‍රදේශයේම පදිංචි රවිචන්ද්‍රන් ස්ට්රාලිංටන් නොහොත් එස්.ආර්. සහ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ කිරුබාකරන් නොහොත් කිස්බා යන පුද්ගලයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් අද (10දා) මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
