උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලියට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
සැකකරු 17 හැවැරිදි වියේ පසුවන බවත් ඔහු කොකුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලීසිය පැවැසීය.
කෝපායි, යාපනය, මානිප්පායි යන ප්‍රදේශයන්හි තියුණු ආයුධවලින් කපා කොටා බරපතල තුවාල සිදුකිරිම්, දෙපල කොල්ලකෑම හා දේපලවලට අනර්ථය කිරිම් ඇතුළු සිද්ධි ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බවත් එම නිවේදනයේ දැක්වෙයි.