කිසියම් පිරිසක් විසින් යාපනය, මීසාලෙයි ප්රදේශයේදී ඊයේ (04දා) රාත්රියේ තරුණයන් දෙදෙනෙකුට පහරදී ඇති ඇති බව චාවකච්ඡේරි පොලීසිය පවසයි.
මෙම පහරකෑමෙන් කැපුම් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු චාවකච්ඡේරි රෝහලට ඇතුළත් කොට තිබේ.
ත්රිරෝද රථයකින් පැමිණි පිරිසෙන් එක් අයෙකු විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බව චාවකච්ඡේරි පොලීසිය පවසයි.
මේ අතර චාවකච්ඡේරි ප්රදේශයේ ක්රියාත්මක අජිත් ටීම් නැමති කල්ලියක් විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවද පොලීසියට තොරතුරු ලැබී ඇත.