කෝපායි පොලිස් වසමේ දී රාජකාරි නිරතවෙමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල තුවාල කිරීමේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් සමත්වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන් ප්‍රධාන සැකකරු වන තිරුණල්වේල්ල, යාපනය පදිංචි සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යන අයද සිටින බවත් ඔහු ආවා නැමැති කල්ලිය මෙහෙයවන තැනැත්තා බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.
මෙම සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (07දා) දින උදෑසන පිටකොටුවේදීද තවත් සැකකරුවෙකු ඊයේ දින රාත්‍රිෙය් මට්ටක්කුලිය ප්‍රදේශයේ දී සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද උදෑසන යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිතුවරයාගේ ඍජු අධික්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතී. සැකකරුවන් සන්තකේ තිබී කඩු 02ක්ද සෙයාගෙන ඇත.