2014 වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ප්‍රංශ ජාතික ආර්ථික විද්‍යා මහචාර්යවරයෙකු වූ ජීන් ටයිරෝල් වෙත පිරිනමා තිබේ.
වෙළෙඳ පොළ බලය හා නියාමනය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණයන් මෙසේ ටයිරෝල් වෙත 2014 නොබෙල් ත්‍යාගය හිමිවීමට හේතු වී ඇති බව කියැවෙයි.
ඔහු නියාමනය හා කතිපයාධිකාරය යන ක්ෂේත්‍ර ඔස්සේ සිය පර්යේෂණ ආරම්භ කර අත්තේ වර්ෂ 1980දීය.
එහිදී, නියාමකයන් නිතර මුහුණ දෙන ගැටලු අවබෝධ කරගැනීම සම්බන්ධයෙන් ඔහු සිය විශ්ලේෂණයන් ඉදිරිපත් කර ඇති අතර, වඩාත් යථාර්ථවාදී හා නූතනයට ගැළපෙන නියාමන විධි ඔහු හඳුන්වාදී ඇති බව කියැවෙයි.