වර්ෂ 09 කට අධික කාලයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්යක්ෂ ලස රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රියෙන්සි චන්ද්‍රලාල් පෙරේරා මහතා ඊයේ (24දා) අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
1972 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට බැඳී ඇති රියෙන්සි මහතා
1987 වසරේදී සහකාර පොලිස් අධිකාරී ධූරයට පත් තිබේ. ඔහු 2007 වසරේදී නැගෙනහිර දිසාව භාර වැඩබලන නිපයෝජ්ය පොලිස් පති ලෙසත් කටයුතු කර 2008 වසරේදී පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් තිබේ.ඔහුගේ දේහය පළිබඳ අවසන් කටයුතු අනිද්දා (26දා) බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.
.jpg)