ආරක්ෂක අංශ සතුව තිබූ කෙප්පාපිලව් ඉඩම් අක්කර 133.34ක් මුල් හිමිකරුවන්ට
ආරක්ෂක අංශ සතුව තිබූ මුලතිව් කෙප්පාපිලව් ගම්මානයේ සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් අක්කර 133.34ක් එහි මුල් හිමිකරුවන් වෙත බෙදාදීම ඊයේ (28දා) සිදුකෙරිණි.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ මගපෙන්වීම යටතේ කෙප්පාපිලව් ඉඩම් එහි මුල් හිමිකරුවන්ට ලබාදීම සිදුවිය.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, හින්දු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන බී සෙන්දිල්නන්දනන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතිශ්වරන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ඉඩම් හිමිකරුවන් 85 දෙනෙකුට මෙම ඉඩම් ලබාදීම සිදුකෙරිණි.
මෙම ඉඩම් අතරින් අක්කර 111.5ක ප්‍රමාණයක් කෙප්පාපිලව් ග්‍රාමයේ ඉඩමි හිමියන් 68 දෙනෙකු සඳහාද, ඉතිරි ඉඩම් අක්කර 21.84 ප්‍රමාණයක් මුලතිව් සිනියාමොටෙයි ග්‍රාමයේ ඉඩම් හිමියන් 17 දෙනෙකු සඳහාද ලබා දෙන ලදී.
යුද හමුදාව විසින් මෙම ඉඩම් ලබා ගන්නා අවස්ථාවේදී සිවිල් වැසියන් විසින් ඉදිකරන ලද ගොඩනැගිලි 08 හා අත්තිවාරමක් තිබූ අතර, යුද හමුදාව විසින් එම සිවිල් වැසියන් සඳහා ඉඩම් නැවත බාර දෙන විට යුද හමුදාව විසින් සකස් කරන ලද ස්ථිර ගොඩනැගිලි 28ක් සහිතව ඉඩම් හිමියන් වෙත ඉඩම් ලබාදීම සිදුවිය.
මේ අවස්ථාවට 59 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එන්ඩ් වන්නිආරච්චි, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් සී.එස්. ඇටිපොළ, මූලස්ථාන බ්‍රිගේඩියර් බී.පී.එස්. ද සිල්වා ඇතුළු බලසේනාධිපතිවරුද, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන හින්දු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන බී සෙන්දිල්නන්දනන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




