රජය විසින් පසුගිය 19 දා නිකුත් කළ ගැසට් නිවෙදනයක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන් ඇතුළත්වීම පිළිබඳව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භකර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය විසි් ජුනි 03දා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නිකුත් කළ ගැසට් නිවේදනයේදී වර්තමාන ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතාගේ අත්සන නිවැරදිව ඇතුළත් කර තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.