රුසියාව නිශ්පාදනය කරන ඉහළ තාක්ෂණයෙන් යුතු ගීපාර්ඩ් 3.9 ආරක්ෂක නෞකා දෙකක් ලබාගැනීමට අදාළව ශ්රී ලංකාව හා රුසියාව අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව රුසියාවේ ස්පුටිනික් පුවත් සේවය වාර්තා කරයි.
ඉහළ තාක්ෂණයෙන් යුත් ගීපාර්ඩ් 3.9 ආරක්ෂක නෞකා සතුරු ගුවන් යානා, නෞකා හා සබ්මැරීන සඳහා බාධා එල්ල කිරිමට, පරිවාරක නෞකාවක් ලෙස, මුර රාජකාරී සඳහා, ගොඩබිම මෙහෙයුම්වලදී වෙඩිබලය ලබාදිය හැකි නෞකාවක් ලෙස ඉදිකර තිබේ.
මැලේසියාවේ පැවැත්වෙන ආරකෂක සහයෝගීතාවකට එක්ව සිටින රුසියානු ආරක්ෂක අංශ කණ්ඩායමේ නායකත්වය දරණ මිකායිල් පෙටුකෝව් ස්පුටික් පුවත් සේවයට පවසා ඇත්තේ ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
ගිපාර්ඩ් නෞකා දෙකක් රුසියාව මේ වන විට ඉදිකෙරමින් පවතින අතර 2011 වසරේදී වියට්නායම එම නෞකා දෙකක් ලබාගෙන තිබේ. ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද අද (22දා) රුසියානු සංචාරයක් ආරම්භ කළේය.