කොස්ගම, සාලාව හමුදා කඳවුර ඇතිවූ ගින්නට හේතුව එම අවස්ථාවේ හමුඳා කඳවුරේ පැවැති ගිනි නිවීමේ අභ්‍යාසයක් හේතුවෙන් ඇතිව තිබෙන බවට මූලික වාර්තා තිබෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එසේම ආයුධ හා පතොරම් ගබඩා ඇති හමුදා කඳවුරු ජනශුන්‍ය ප්‍රදේශවෙත ගෙන යෑම සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් සැලැස්මක් ඉල්ලා තිබුණද මේ දක්වා එවැනි වාර්තාවක් තමා අතට නොලැබුණු බවද ආරක්ෂක ලේකමවරයා පැවැසීය.
එවැනි වාර්තාවක් ලැබුණේ නම් ඒ අනුව කටයුතු කිරීමට හැකියාව තිබුණු බවත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධව උපදෙස් ලබාදෙමින් වාර්තාවක් ඉල්ලා ඇති බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍ර‘යේ අද (07දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මාස කිහිපයක් ඇතුළත කැබිනට් අනුමැතිය ලබාගනිමින් දැනට තිබෙන සම්පත් උපයෝගි කරගෙන එය ක්‍රියාවට නංවන බවයි.
කොස්ගම, සාලාව හමුදා කඳවුරේ පිපිරීමෙන් හමුදා සෙබළෙකු මියගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බවත්, එම අවස්ථාවේදී කඳවුර තුළ සිටි ඉතිරි සෙබළුන් සියලු දෙනාට අනතුරුවලින් වැළකී සිටීමට අවස්ථාව ලැබී තිබුණු බවත් ඔහු කීය.