යුද්ධය නිසා පීඩනයට පත්වූ උතුරු සහ නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක තෝරාගත් පාසල් දරුවන් 100 දෙනෙකුට රුපියල් 50,000 බැගින් ශිෂ්‍යධාර පිරිනැමීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත මෙම 25 වැනිදා හඳුන්වාදෙනු ලබන 'විරුසර වරප්‍රසාද' වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම ශිෂ්‍යාධාරය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 05ක (ලක්ෂ 50ක) මුදල් චෙක්පත ජෝන් කීල්ස් සමූහ ආයතනයේ උපසභාපති බෙලින්ද්ර වීරසිංහ මහතා අතින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී. කිත්සිරි මහතා වෙත අද (21දා) දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේදී ප්රදානය කළ බව ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිතුත්කරමින් පැවසීය.