බස්ගාස්තු ඉහළ දැමීම හරහා බස් මගීන් අපහසුතාවයන්ට පත්වන බැවින් මින් ඉදිරියට බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන ලෙසට අද (02දා) රජයෙන් ඉල්ලා සිටි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස් හිමියාට සහන ලබාදී එම වාසිය මගියාට ලබාදීම ලෝකයේ පිළිගත් ක්රමවේදය බවත්, මෙම ක්රමවේදය ලංකාව තුළත් ක්රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටි බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
ඊයේ (01දා) සිට ඉහළ ගිය බස්ගාස්තුවත් සමග ජනතාවට ඒ සඳහා වැයවන මුදල තමන්ගේ වාහනයකින් ගමනක් බිමනක් යනවිට වියදම් කරන මුදලට සමාන වෙමින් තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.