දීමනා ගැටලුවක් මූලික කර ගනිමින් ආයුර්වේද සේවකයෝ ප්රධාන රෝහල් 06ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. වැටුපට මාසිකව එකතු විය යුතු රුපියල් දහසේ දීමනාව මාස 13කින් ලබා නොදීමට එරෙහිව මෙම ක්රියාමාර්ගය දියත් කරන බව සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය සඳහන් කරයි.
මේ අනුව බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල, යක්කල ශික්ෂණ රෝහල, අම්පාර මහ රෝහල, හම්බන්තොට චමල් රාජපක්ෂ රෝහල, නාවින්න රෝහල, නාවින්න ආයුර්වේද ක්රම පිළිබඳ රෝහල තුළ මෙම වැඩ වර්ජනය දියත් කළ බව එම සංගමයේ සභාපති එස්. කොස්ලන්ද මහතා සඳහන් කළේය.