ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පවතින හිඟය නිසා එක් වෛද්‍යවරයෙකුට ජනතාවගෙන් 22500ක් ලබාගැනීමට සිදුව තිබෙන බවත්, එහෙත් රැකියා විරහිත ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් 950 දෙනෙකු නිවෙස්වලට වී කාලය ගත කරණ බව රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා මේ මස 20 වන දිනෙන් පසු රැකියා ලබාදෙන තුරු අඛණඩ සත්යග්රහ ව්‍යාපාරයක් පවත්වන බවත්, එයට පෙර මේ මස 13 වන දින සිට 20 වන දින දක්වා විරෝධතා සතියක් නම් කර තිබෙන බවද එමස එම සංගමයේ සභාපති වෛද්‍ය ජානක වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම සතිය තුළදී උද්ඝෝෂණ ව්‍යාපාර විරෝධතා පත්‍රිකා බෙදාහැරීම පෝස්ටර මගින් දැනුවත් කිරීම කරන බවද අද (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සභාපතිවරයා සඳහන් කලේය.
පවතිනව ආයුර්වේද වෛද්‍ය හිඟය නිසා රෝගීන් අපහසුතාවයට පත්ව සිටින බවත් එහෙත් රුපියල් ලක්ෂ 25කට අධික ජනතා මුදල් වියදම් කර නිර්මාණය කළ වෛද්‍යවරුන් 950 දෙනෙකු 2010 වසරේ සිට රැකියා විරහිතව සිටින බවද සභාපතිවරයා කියා සිටියේය.