හිඟ මුදල් ඉල්ලා දින 07 ක කාලයක් පුරා ආයුර්වේද රෝහල් තුළ සිදුකළ අඛණ්ඩ වැඩවර්ජනය නවතා දැමූ බව සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය සඳහන් කරයි.
ආයුර්වේද රෝහල් සේවකයන්ට මාසිකව ලබාදිය යුතු රුපියල් දහසේ දීමනාව මාස 11 ක සිට ගෙවීම නොකිරීම නිසා මෙම වර්ජනය දියත් කළ බව එම සංගමයේ සභාපති ගාමිණී කොස්ලන්ද මහතා සඳහන් කළේය.
සිදුකළ වැඩවර්ජනයට අනුව සෑම සේවකයෙකුම මාස 11 ක හිඟ මුදල් අද දහවල් ලබාදුන් බවත්, මීට අමතරව දහසේ දීමනාව අඛණ්ඩව විශ්‍රාම යනතුරු ලබාදීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු වූ බවත් ඔහු පවසා සිටියේය.