නාම යෝජනා බාරදීම යටතේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අද (11දා) පළාත් පාලන ආයතන 03කට නාම යෝජනා බාරදීමට සැලසුම් කර තිබේ.
ඒ අනුරාධපුරය ගල්නෑව, ත්රිකුණාමලය කින්නියා හා නගරකඩවත් යන පළාත් පාලන ආයතන 03 වෙනුවෙනි.
පළාත් පාලන ආයතන 93කට අදාළව නාමයෝජනා බාරගැනීම අද (11දා) සිට 14 වැනිදා දහවල් 12 දක්වා කාලය තුළදී සිදුවේ.
මේ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් නාම යෝජනා බාරගැනීම ආරම්භ වූ දිනයේ සිට නාම යෝජනා බාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය සඳහන් කරයි.