තිස්ස අත්තනායක මහතාට ඇමතිකමක්දීම අල්ලසක් නම් ආප්ප කෑමත් අල්ලසක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනපතිවරයෙකුට ඇමතිකමක් ලබාදීමේ බලය ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙන බවත් වර්තමානයේදී ජාතික ආරක්ෂාවට තර්ජයක් වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
හම්බේගමුව විහාරයේ පැවැති බෝධි පූජාවක් අවසානයේ ජනතාව අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් දැක්වීය.
“අපි ජාතික ආරක්ෂාව ගැන මුල් තැන දුන්නා. අද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ යුගයක්. මේක ඇත්ත වශයෙන්ම කනගාටුවක්. දැන් මට මේ ළඟදී තෑග්ගක් ගෙනත් දුන්නා. මොකක්ද තෑග්ග අල්ලස් කොමිසමට එන්න කියලා. මම බැලුවා මොකද මේ කියලා. මහා ලොකු අල්ලසක් අරන්. මම මේක කියවලා බැලුවා බලන කොට මම අල්ලසක් දීලා. මම ආයෙමත් කියලා බැලුවා. බලනකොට මම කැබිනට් ඇමතිකමක් දීපු එක. ජනාපතිට බැරිනම් කැබිනට් ඇමතිකමක් දෙන්න, ඒක අල්ලසක් නම්, ආප්ප කාපු එකත් අල්ලසක් වෙනවා.
තිස්ස අත්තනායක මහත්මයාට ඇමතිකමක්දීම මගේ ව්‍යවස්ථාවෙ බලය. මැතිවරණය ඉවරවූ දවසෙත් අනෙක් පුද්ගලයා දිවුරුම් දෙනකම් මම ජනාධිපති. මේ වගේ විහිලු තමයි අද දකින්න ලැබෙන්නේ. ප්‍රශ්න කිරීම් පලිගැනීම්. මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත්තුළ තිබෙන ක්‍රෝධය නැතිවෙලා, වෛරය නැති වෙලා, ඔවුන්ට වෛරය නැතිවේවා කියා මා පාර්තනා කරනවා. මේ බෝධි පූජාවෙන්.
අපි කියන්නෑ අපිත් සර්ව සම්පුර්ණයි කියලා. අපි සමහර වැරදි කරපු අය ආරක්ෂා කරපු එක තමයි අපි කරපු ලොකුම වරද. ඒ කාලේ සමහර ඇමතිවරු ආවම පුටුවෙවත් වාඩි වෙන්නේ නැතුව බිම වාඩි වෙලා ඉදලා ගිහින් අද අපිට විරුද්ධව කතා කරනවා. මේකද යහ පාලනය. වැරදි කරපු ගොඩක් අය අපි බේරගන්න කටයුතු කල එක තමයි කල ලොකුම වරද. නැවත ඒ වරද සිදු වන්නේ නෑ.” යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.