රට තුළ සිදුවන ආපදා තත්ත්වයන්වලදී ක්ෂණිකව තොරතුරු එක්රැස් කිරීම හා ජනතාවට බෙදාහැරීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වියදම් කර සකස් කළ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවියේ අන්තර්ජාල පහසුකම මේ වනවිට නවතා දමා තිබෙන නිසා එම වෙබ් අඩවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව 'අද' ට වාර්තාවේ.
ප්‍රා‘දේශීය ලේකම් කාර්යාල මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් තොරතුරු එක්රැස් කිරීම සඳහා පත්කර සිටිනා සහන සේවා නිලධාරීන්ට මෙම වෙබ් අඩවියට ඇතුළත් වී තම ප්‍ර‘දේශය තුළ සිදුවන ආපදා තත්ත්වයන් පිළිබඳව සහන සේවා මධ්‍යස්ථානයේ ප්‍රධාන කාර්යාලයට තොරතුරු ලබාදීම සඳහා හා අදාළ තොරතුරු හුවමාරුකර ගැනීම මූළික කරමින් මෙම වෙබ් අඩවිය සකස් කර තිබේ.
මේ අනුව ප්‍රා‘දේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සේවය කරනා සහන සේවා නිලධාරීන්ට ලැප්ටොප් පරිගණකයක් සමග අන්තර්ජාල පහසුකම්ද ලබා දී තිබේ.
වෙබ් අඩවිය සකස් කිරීම වෙනුවෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වියදම් කළ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට වසරකට රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් ලබාදෙන බවද ආපදා මධ්‍යස්ථානයේ සේවකයෝ සඳහන් කරති.
එහෙත් මේ වනවිට මෙම වෙබ් අඩවියට පිවිසිය නොහැකි ආකාරයට අන්තර්ජාල පහසුකම කපා දමා තිබෙන බවත්, මේ නිසා සියලුම තොරතුරු දුරකථන මාර්ගයෙන් ලබාදීමට සිදුව තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.