පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 138ක නිවාස 64589කට හානි සිදුව තිබෙන බවට මේ වනවිට සිදුකළ සොයා බැලීමේදී තහවුරු වී තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා සඳහන් කළේය.
මෙම නිවාසවලින් නිවාස 3029ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවත්, එම නිවාස සඳහා ලක්ෂ 25ක උපරිමයකට යටත්ව වන්දි ලබාදෙන බවත් හෙතෙම පවසා තිබේ.
අර්ධ ලෙස හානි සිදුවූ නිවසකට රුපියල් ලක්ෂ 12ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට තීරණය කළ බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.