ආපදාවන්ට ලක්වූ ප්රදේශ නැරඹීමට යෑමෙන් වැළකී සිටින ලෙස ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ආපදාවට ලක්වූ ප්රදේශ නැරඹීම සඳහා ජනතාව සංචාරය කිරීම නිසා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි ඔහු පවසා සිටියේය. මේ නිසා ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු විධිමත්ව සිදුකිරීම සඳහා එම ප්ර‘දේශවල සංචාරය නොකිරීමෙන් ජනතාවට සහයෝගය ලබාදිය හැකි බවද ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේය.