ගං වතුර සහ නායයාම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සිය විදුලිය සහ ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ යටතේ අවතැන් වූවන් සඳහා ඉදිරි මාසයක සහන කාලයක් ලබාදීමට ඊයේ (24දා) පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී තීරණය කෙරුණු බවයි.
පීඩාවට පත් ජනතාවගේ දෛනික කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ අඩපණ වී ඇති බැවින්, මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය එම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසයි.