හදිසි ආපදා තත්ත්වයකදී ඒ පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමටත්, සිදුවන ආපදා තත්ත්වයක් ජනතාවට දැනගැනීමටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 117 කෙටි දුරකථන අංකය හඳුන්වාදී තිබේ.
පළමු අදියරේදී සතියේ දිනවල උදේ 8.00 ත් රාත්‍රී 8.00 ත් දක්වා කාලය තුළදී මෙම අංකය හරහා තොරතුරු ලබාදීමටත් තොරතුරු විමසීමටත් ජනතාවට අවස්ථාව උදාකර දී ඇත. මීට අමතරව දෙවැනි අදියරේදී එය පැය 24 ක් පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.