කෑගල්ල දිස්ත්‍රික්කයට ඇති වූ නායයෑම හා ගංවතුර හේතුවෙන් අවතැන් පුද්ගලයින් පිළිබඳව හා දේපොල නිවාස හා සියලුම දේ පිළිබදව විශ්වවිද්‍යාල සමිති සම්මේලනය මගින් සිදු කරනු ලබන තොරතුරු හා දත්ත එකතු කිරිමේ සමීක්ෂණය 20 දිනට ප්‍රථම අවසන් කිරිමට හැකි බව විශ්ව විද්‍යාල සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතා පවසා තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී හල්වතුර මහතා මෙම අදහස් දැක්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සමිමේලනය, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්රජාවද සහාය කරවාගෙන ස්වේච්ඡාවෙන් මෙම දත්ත පද්ධතිය සැකසීම සිදු කරනු ලබයි.