වැසි සහිත කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන කටයුතු සිදුකිරීම සඳහා මේ වනවිට රු.මිලියල 1,550 ක් ලබාදී ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ පසුගියදා මුදල් අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, සාමාන්‍ය වැසියන්ගේ නිවාස මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථානවලට සිදු වූ අලාභහානි වෙනුවෙන්ද මුදල් වෙන් කිරීමට හැකියාවක් රජයට ඇති බවයි.