ආපදාවන්ට ලක්වූ ජනතාව ක්ෂණික සහන ලබාදීමට මේ වනවිට රුපියල් මිලියන 126 ක මුදලක් වැයවී ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.
එම ආධාර ලබාදීම සඳහා අද (01දා) වනවිට රටවල් 19 ක් ඉදිරිපත් වී සිටින බවත්, මේ වනවිටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 02 ක ආධාර මුදලක් ලැබී තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා අද (01දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.