2016 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතු කොටගෙන අවතැන් වූවන් හට සහන සැපයීමේ අරමුණින් දේශීය හා විදේශීය දානපතියන්ගෙන් ලැබෙන මූල්‍යාධාර රැස්කිරීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් සම්පත් බැංකුවේ පහත සඳහන් ගිණුම් විවෘත කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
Disaster Relief Fund - DST ලෙස නම් කර ඇති මෙම ගිණුමේ ප්‍රතිලාභියා ශ්‍රී ලංකා රජය වන අතර, එහිදී, විදේශීය විනිමය වර්ග කිහිපයකින්ම මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව සලසා තිබේ.
මුදල් වර්ගය ගිණුම් අංකය
ශ්‍රී ලංකා රුපියල්ර් 1029 6000 2000
එක්සත් ජනපද ඩොලර් 5029 6000 2000
එක්සත් රාජධානි පවුම් 5029 6100 2000
යූරෝ 5029 6900 2000
ඔස්ට්‍රේලියානු ඩොලර් 5029 6600 2000
ජපන් යෙන් 5029 6400 2000
සම්පත් බැංකු ස්විෆ්ට් (SWIFT) කේතය BSAMLKLX වන අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු [email protected] යන ඊමේල් ලිපිනයෙන් හෝ +94 11 2300260, +94 11 5331441 යන දුරකථන අංක ඔස්සේ සම්පත් බැංකුවෙන් ලබාගත හැකිය.