දිවයිනට බලපෑ අයපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 208ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පුද්ගලයන් 92ක් තවමත් අතුරුදන් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අද (2දා) මධ්‍යාහ්න 12ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්තේ පුද්ගලයන් 72ක් තුවාල ලබා ඇති බවයි. බලපෑමට පත්වූ පවුල් සංඛ්‍යාව 175516ක් වන අතර පුද්ගල සංඛ්‍යාව 677241කි.
නිවාස සම්පූර්ණ හානි 1735ක් වන අතර අර්ධ හානි 17446කි. ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ රත්නපුරින් වන අතර එම ගණන 85කි.