රට පුරා ආපදා තත්ත්වයක් පවතිද්දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විධායක මට්ටමේ නිලධාරීන් ගණනාවක් පසුගියදා (01දා) කළුතර ප්‍රධාන පෙළේ හෝටලයක ආපදා කළමනාකරණ සැලැස්ම ගැන සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ.
මධ්‍යස්ථානයේ හදිසි තොරතුරු අංශයේ කටයුතු සඳහා නිලධාරීන් යොදවා සිටියද, ඉහළ නිලධාරීන් ගණනාවක් නොසිටි බව වාර්තා වේ.
ආපදා තත්ත්වය ආරම්භ වූ දිනයේ අදාළ ඇමතිවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් අලුයම 2.00 වනතුරු මධ්‍යස්ථානයේ අදාළ උපදෙස් ලබාදෙමින් රැඳී සිටි බව පැවසේ.
සිකුරාදා නිවාඩු දිනයක් වුවද, නිවාඩු අවලංගු කර ඇති බව දැනුම්දී ඇතත් මෙම සාකච්ඡාව සඳහා නිලධාරීන් පිරිසක් සහභාගි ඇති බව වාර්තා වේ.
ආපදා කළමනාකාරණ සැලැස්ම පිළිබඳ මීට පෙර කුකුළේගඟ හමුදා නිවාඩු නිකේතනයේදී සාකච්ඡාවක් පවත්වා තිබූ අතර, කළුතර හෝටලයේ පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා රාත්‍රී දෙකක් හා දවල් දවස වෙන්කර ගෙන තිබූ බවද පැවසේ.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප)