අයපහත් කාලගුණය හා තද සුළං හේතුවෙන් මාර්ගයන්හි ධාවනය වූ වාහන මත ගස් කඩා වැටීම හේතුවෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගයන් දෙදෙන්ක් ජීවිතක්ෂයට පත්ව තවත් 5ක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
මඩොල්සිගම කුරුවිගොල්ල, අම්බලම මාර්ගයේ ධානය වූ යතුරුපැදියක් හා ත්රිරෝද රථයක් මතට ගසක් කටා වැටීම හේතුවෙන් එහි ගමන්ගත් රියදුරන් දෙදෙනා තුවාල ලබා මැටිගතැන්න රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
කිරිබත්ගොඩ ජයන්ති මහල් හංදිය අසළදී ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් රියදුරු ඇතුළු 6ක් තුවාල ලබා තිබේ. එයින් දෙදෙනෙකු රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව එක් අයෙක් මියගොස් ඇත.