දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 206ක් දක්වාත් අතුරුදන් සංඛ්‍යාව 92ක් බවටත් පත්ව තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 68ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (01දා) ප.ව. 6.00 නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙයි.
වැඩිම මරණ ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර 84කි. අතුරුදන් සංඛ්‍යාව 26කි. කලුතර දිස්ත්‍රික්කයේ මරණ 63ක් වාර්තා වන අතර අතුරුදන් සංඛ්‍යාව 20කි.
ගාල්ල මරණ 15ක් වාර්තා වන අතර මාතර මරණ 31කි. බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 170486ක් වන අතර පුද්ගල සංඛ්‍යාව 658490කි. නිවාස පූර්ණ හානි 1713කි අර්ධ හානි 9294කි.
.jpg)