අයහපත් කාලගුණය හේතුවෙන් ජීවතක්ෂයට පත්වූ පුද්ගල සංඛ්‍යාව 202ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.එසේම පුද්ගලයන් 96ක් තවමත් අතුරුදන්ව සිටින අතර තුවාල ලැබූ සංඛ්‍යාව 63කි.
වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 84කි. කලුතර දිස්ත්‍රික්කයේ මරණ 62කි. බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 163701ක් වන අතර පුද්ගලයින්ගේ සංඛ්‍යාව 629742කි.
එසේම රත්නපුර,කලුතර, ගාල්ල හා මාතර යන සෑම දිස්ත්රික්කයන්හිම බලපෑමට ලකවූ පුද්ගල සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ.