ආපදාවන්ට ලක්වූ පළාත් පාලන ආයතනවලට දෛනික කටයුතු සිදුකරගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් පරිත්‍යාගයන් ලබාදීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මීට අමතරව ආපදාවන්ට ලක්වූ පළාත් පාලන ආයතනවල ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම සඳහා අනෙකුත් පළාත් පාලන ආයතනවල සහයෝගය ලබාදීමට හා යන්ත්‍ර උපකරණ ලබාදීමටත් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර තිබේ.
ආපදාවන්ට ලක්වූ ප්‍ර‘දේශවල පානීය ජල සැපයුම යථාතත්ත්වයට පත්වන තුරු බවුසර් යොදාගෙන පානීය ජලය බෙදාහැරීමටත් සැලසුම් කර තිබේ.