ආපදාවන්ට ලක්වූවන් සඳහා සහන සැපයීමේදී දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය චක්‍රලේඛය ආපදාවලට ලක්වූවන්ට වැඩි සහනයක් ලැබෙන පරිදි සංශෝධනය විය යුතු බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
හල්දුම්මුල්ල, මීරියබැද්ද නාය යෑමෙන් අවතැන්ව සිටින ජනතාව සඳහා පූනාගලවත්තේ මකල්දෙනියේ ඉදිකරන නිවාස ව්‍යාපෘතියේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා සමග ඊයේ (23දා) එම ප්‍රදේශයේ සංචාරක එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
මෙම අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතාද සහභාගි විය.