පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම් දීමට හා අවශ්‍ය උපකාර ලබාගැනීම සඳහා තවත් දුරකථන අංක දෙකක් විවෘත කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මේ අනුව සියලුම තොරතුරු හා උපකාර 117 දුරකථන අංකයට අමතරව 011-2670002 හෝ 011-2136136 දුරකථන අංක ඔස්සේ සලසා ගතහැකි බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
සියලුම දුරකථන අංක පැය 24 පුරාම ක්‍රියාත්මක බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකරන නිවේදනවලට අනුව ජනතාව කටයුතු කළ යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.