ආපදා කළමනාකරණය සඳහා ජපානයේ සහාය ලබා දෙන බව ජපාන තානාපති කෙනිචි සුගනාමා මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව අවිධිමත් නාගරීකරණය නිසා බැටකන රටක් වී ඇති බවත් මෑතදී ඇතිවූ ගංවතුර උවදුර, ප්‍රවාහන තදබදය, කැලිකසල ප්රශ්නය, නිවාස අර්බුදය ආදිය එයට නිදසුන් බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පැවසීය. මේ නිසා විධිමත් නාගරික සැලසුමක් සකස් කළ බවත් එය ක්‍රියාත්මක කිරීමට ජපානයේ දියුණු තාක්ෂණය, උපදේශනය හා මූල්‍ය ආයෝජනය අවශ්‍ය බවද හෙතෙම අවධාරණය කළේය
බස්නාහිර මහානගර ව්‍යාපෘතිය සඳහා සිදුකළ හැකි ආයෝජන පිළිබඳව ජපාන ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් කොළඹ, වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වු අතර එහිදී මෙම අදහස් ප්‍රකාශවිය.
ජපාන තානාපති කෙනිචි සුගනාමා හා ජපානයේ යටිතල පහසුකම්, ඉඩම් හා ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ටනිවකි සටොරු ද මේ සඳහා සහභාගී වූහ.