(PICTURES) ආනවින්දාව කුරුලු අභය භුමිය තුළ ඊයේ ( 6දා ) හටගත් ගින්න නිවා දැමීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා අද ( 7දා ) දහවල් වන විටත් එම ගින්න පැතිර යමින් පවතින බව දැකගත හැකි විය.
ගතවු මාස හයක පමණ කාලයක සිට පුත්තලම දිසාවට බලපා ඇති උග්‍ර නියගය ආනවිලුන්දාව අභය භූමියකෙරෙහි ද දැඩි ලෙස බලපා ඇත. නියඟය නිසා වියළී ගොස් ඇති පරඬැල් වලට කිසිවෙකු විසින් ගිනි තැබීම නිසා මෙම ගින්න හටගන්නට ඇතැයි සැක පළ කරයි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව් බවුසරයක් මගින් ගෙනෙන ජලය එහි සේවකයන් විසින්ගින්න නිවා දැමීමට යොදා ගනී. මෙම ගින්නට හසුව ගල් ඉබ්බන් බොහෝ සංඛ්‍යාවක් මියගොස් සිටින ආකාරයද දැකගත හැකිවිය.
හලාවත සුපුන් හංසන