මෙතෙක් ආනයනික සහල් වෙනුවෙන් පැන වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට ජීවන වියදම් කමිටුවෙන් තීරණය කල බවට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ වව්නියාවේ පැවති උත්සවයකට එක් වෙමිනි.
“අවසන් වරට පැවති ජීවන වියදම් කමිටුවේදී මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍යවරුන් අට දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආනයනික සහල් වෙනුවෙන් මෙතෙක් පැනවූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගත්තා.
ඒ වගේම දැන් ඕනෑම කෙනෙකුට හෝ පිරිසකට සහල් ආනයනය කරන්න පුලුවන්. මෙහිදී අපි බලාපොරොත්තු වෙන්නේ ආනයනික සහල් මීට පෙරදී පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩු මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට අවස්ථාව උදා වෙයි කියලා”