විකිරණ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාව විශාල ගැටලු ගණනාවකට මුහුණදී තිබෙන බවත් ඒ පිළිබඳව අවධානය යොමුකරමින් විකිරණ පනත උල්ලංඝණය කරන්නන් වෙනුවෙන් දැඩි දඩුවම් ගන්නා බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පරමානුක බලශක්ති අධිකාරියේ සහ පරමාණුක බලශක්ති නියාමන කොමිෂන් සභාවේ පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
" විකිරණ පනත ක්‍රියාත්මක වුවත් මේ වනවිටත් රට තුළ විකිරණ සම්බන්ධයෙන් පවතින්නේ අහිතකර වාතාවරණයක්. මේ නිසා ඉදිරියේදී ලංකාවට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය, කිරිපිටි ඇතුලු වෙනත් ද්‍රව්‍ය දැඩි පරීක්ෂාවට ලක් කිරිමට පියවර ගන්නවා. ඒ තුළින් අනාගත ශ්‍රී ලංකාව විකිරණ වලින් තොර කලාපයක් බවට පත්කිරීමට පරමාණුක බලශක්ති අධිකාරිය සහ පරමාණුක බලශක්ති නියාමන සභාව මගින් කටයුතු කරනවා" යැයි අමාත්‍යවරයා පැවැසීය.