නිමාව දුටු කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයේදී මෙරට දමිළ දේශපාලඥයෙකු වන වී. ආනන්දසිංගිරි මහතාගේ පුතෙක් ජයගෙන කැනඩා පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙන බව වාර්තාවෙනවා.
43 හැවැරිදි නීතිඥයෙකු වන සතියසංගිරී ආනන්දසංගිරී නොහොත් ගැරී ආනන්නදසංගිරි යන අය මෙසේ කැනඩා පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබෙන බව වාර්තා වෙයි.
ගැරී ආනන්නදසංගිරී ලිබරල් පක්ෂයෙන් කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම පක්ෂය මෙවර කැනඩා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගනු ලැබීය.
ඔහු ඒ බව තහවුරු කරමින් සිය ට්විටර් ගිණුමටත් අදහස් දක්වා තිබුණේ ජයග්රහණයට සහාය දැක්වූ සියලු දෙනාට ස්තූතිය පිරිනමමිනි.