කොළඹ ආනන්ද විද්‍යාලයේ 2016 වසරේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛවලට අනුකූල නොවන පරිදි සාවද්‍ය ලෙස ලකුණු ලබා දී ළමයින් 50කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් කරගෙන ඇතැයි විගණන පරීක්ෂණයකදී නිරීක්ෂණය වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබේ.
එලෙස සාවද්‍ය ලකුණු ලබාදී සිසුන් ඇතුළත් කර තිබුණු බැවින් ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් නිවැරදිව ලබාගෙන තිබුණු සිසුන්ට අසාධාරණයක් සිදුවී ඇති බව විගණනයේ අදහස බවද එම දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශයට දන්වා ඇත.
ආසන්න පදනම මත පාසලට ඇතුළත් කිරීමේදී ඡන්ද හිමිකම නොතිබූ වර්ෂවලටද වැඩිපුර ලකුණු ලබා දී තිබුණු අවස්ථා 29ක් විගණන පරීක්ෂණයේදී නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව එම නම් ලැයිස්තුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවීමට කටයුතු කර තිබේ.
අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතන කාර්යමණ්ඩලවල අයගේ දරුවන් ඇතුළු කර ගැනීමේදී තෝරාගෙන තිබුණු ළමයින් එකළොස් දෙනාගෙන් නව දෙනකුගේම පදිංචි ස්ථාන පිහිටා තිබුණේ අවිස්සාවේල්ලේ හා ඒ ආසන්නයේ බව විගණනයේදී නිරීක්ෂණය වී තිබේ.
ආසන්නතාව මත පොරොත්තු ලේඛනයට ඇතුළු කිරීමේදී අවම ලකුණු සීමාව 83ක් වුවද, ලකුණු 85ක් ලබාගත් සිසුවෙකු තෝරාගෙන නොතිබුණු බවද, සහෝදර පදනම යටතේ ඇතුළත් කළ සිසුවෙකුට සාවද්‍ය ලකුණු 15ක් එකතු කර තිබුණු බවද, තවත් දරුවෙකු ඇතුළත් කිරීමේදී වෙනත් ආකෘති පත්‍රයකින් සාවද්‍යලෙස ලකුණු 89ක් ලබා දී එම සිසුවා පාසලට ඇතුළු කිරීමට සුදුසු තත්ත්වයට පත් කොට තිබුණු බවද එම දෙපාර්තමේන්තුව දන්වා යවා ඇත.
පාසලට ළමයින් ඇතුළු කිරීමේදී චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මුදල් එකතු කර ඇතැයිද විගණන විමසුමේ සඳහන් වේ.
ලිපිගොනු නඩත්තු කිරීමේදී ආදි සිසු පදනම මත බඳවාගනු ලබන ළමයින්ගේ ලිපිගොනු හැර අනෙකුත් ලිපිගොනු ලිපි කවරයට අමුණා අංක කිරීමකින් තොරව පවත්වාගෙන ගොස් තිබුණු බවද, මෙම තත්ත්වය හේතුවෙන් පහසුවෙන් ලේඛන ඉවත් කිරීමට හා ඇතුළත් කිරීමට හැකියාව පැවතීම විශේෂ අඩුපාඩුවක් ලෙස විගණනයේදී නිරීක්ෂණය වූ බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
මේ ගැන විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශලේකම් ඩබ්ලිව්.එම්. බන්ධුසේන මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ කළ ද එය අසාර්ථක විය.