'අභයාරාමයේ අයිතිය කාටද' යන්න සම්බන්ධයෙන් කළ වැරදි ප්‍රකාශයකින් තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයයක වන්දියක් කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන්ගෙන් අයකර දෙන්නැයි ඉල්ලමින් මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹ දිසා අධිකරණයේ වන්දි නඩුවක් පවරනු ලැබූහ.
අභයාරාමයේ අයිතිය සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි 07 වැනිදා පළකළ ජාතික පුවත්පතකට මාධ්‍ය සාකච්ඡාවක් ලබා දෙමින් කිරුළපන පූර්වාරාමාධිපති පත්බේරියේ විමලඥාන හිමියන් සඳහන් කොට ඇති කරුණුවලින් රටේ කීර්තිධර භික්ෂුවක් වන තමන් වහන්සේට අපහාසයක් සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.