ඉන්දියානු මොඩියුලයේ බලය බෙදීමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව ද්‍රවිඩ එක්සත් විමුකිති පෙරමුණේ නායක ආනන්ද සංගරි මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් මගින් දන්වා තිබෙන බව හින්දු පුවත් සේවය කියයි.
එසේම පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි හා ද්‍රවිඩ සන්ධානය අතර පැවැති සාකච්ඡා පිළිබඳව සිය ලිපියෙන් අදහස් දක්වා සිටින ආනන්ද සංගිරි මහතා ද්‍රවිඩ ජාතික සංධානය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවැති සම්බන්ධතා පෙන්වා දී තිබෙන බවත් හින්දු පුවත් සේවය වාර්තා කරයි.
ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසදීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවවාද වැදගත් නමුත් එය ද්‍රවිඩ ජාතික සන්ධානයේ එකාධිකාරියක් නොවිය යුතු බවත් හෙතෙම පවසා තිබේ.
ඒ අනුව ද්‍රවිඩ ජනතාවගේ මෙන්ම දෙමළ කතාකරන ජනතාව නියෝජනය වන විවිධ පක්ෂයන්ගේ අදහස් මත විසඳුමක් සකස්කළ යුතු බවත් හෙතෙම පෙන්වා දී තිබේ.