සාලාව කඳවුරේ සිදුවූ පිපිරී යාමෙන් විපතට පත් ජනතාවට රජය විසින් ලබාදෙන සහනාධාර ලැබීමේ ප්‍රමාදයන් පවතී නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
අවතැන් කඳවුරුවල සිට නිවෙස්වල පදිංචියට යන ජනතාවට අවශ්‍ය විසල් සලාක සහ ඇඳුම් පැලඳුම් ඇතුළු ද්‍රව්‍ය ලබාදෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
එලෙස ලබාදෙන භාණ්ඩ ලැබීමේ ප්‍රමාදයක් පවතී නම් ඒ පිළිබඳව 117 දුරකථන අංකයට දැනුම් දී අදාළ ගැටලුව විසඳාගත හැකි බවද පවසා සිටියේය.