ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නිවසේදී රහස් දේශපාලන සාකච්ඡාවක් පවත්වා ඇතැයි ‘අද'ට වාර්තා වේ.
නුගේගොඩ ජම්බුගස්මුල්ලේ පිහිටි බන්දුල ගුණවර්ධන මහතාගේ නිවෙසේ පසුගිය දිනක පවත්වා ඇති මෙම සාකච්ඡාවේදී ඉදිරි මැතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව වැඩිවශයෙන් අවධානය යොමුව ඇතැයිද සඳහන් වෙයි.
ආණ්ඩුව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේම්ජයන්ත, ටී.බී.ඒකනායක,නිමල් සිරිපාල ද සිල්වා,නිමල් ලන්සා යන ඇමතිවරුන් එක්ව තිබෙන බවත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් එක්ව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිපදෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව ඇති බවත්,සාකච්ඡාව අරඹා සුළු වේලාවකින් නිමල් සිරිපාල ද සිල්වා මහතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප පාර්ශ්වය සමගඉදිරියේදී පැවැත්වීමටනියමිතජනාධිපතිවරණයේදීහාමහමැතිවරණයෙදී එක්ව තරග කළ හැකිද යන්නත්,එවැනි එකඟතාවකට එළඹීමට හැකිවුවහොත් අපේක්ෂකත්වය ලබාදෙන ආකාරය සම්බන්ධවත් මෙහිදී සාකච්ඡා කෙරී ඇතැයිද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී පක්ෂය දෙකඩ වීම වළක්වාගත නොහැකි බැවින් ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශ්වය එකඟතාවකට පැමිණිය යුතු බවත්,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්කර 2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් කෙසේ හෝ පිහිටුවාගත යුතු බවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.
විවිධ හේතූන් මත කලකිරී සිටින එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය මේ සඳහා ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවත්,මෙම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් අග්‍රාමාත්‍ය ධුරයට චමල් රාජපක්ෂ මහතා සුදුසු වන බවත් මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීමට ඇමතිවරුන් පොරොන්දු වී ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජනාධිති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා ඩුබායිහි ඉදිකළ සුපිරි හෝටල් සංකීර්ණයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය සතියේදී විවෘත කර තිබෙන අතර, එම අවස්ථාවටද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් සහභාගි වී ඇතැයිද වාර්තා වේ.
ඔවුන් දෙපාර්ශ්වය එහිදී දීර්ඝ සාකච්ඡාවක යෙදී ඇතැයිද දැනගන්නට ලැබේ.