නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට විරුද්ධව කටයුතු කරන පිරිස්වලට ආණ්ඩුවේ බස් එකෙන් බැස යාහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
අද (09දා) සිරිකොත මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම මැතිවරණ පොරොන්දුවලින් හා ප්‍රකාශවලින් ජනතාවට ලබාදුන් පොරොන්දුවක් බවත්, ඒ සඳහා ජනවරමක් ලැබී තිබෙන බවත් හෙතෙම පැවසීය.
සියලුමදෙනාගේ කැමැත්ත වන මෙය සිදුකිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත්, එහෙත් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් මෙය විවේචනය කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩු බස් එක ගමන් කරමින් තිබෙන්නේ ජනවරමට අනුව බවත්, මේ නිසා ජනවරමට පිටින් කටයුතු කරන මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ බස් එකෙන් බැස යා හැකි බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.