ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විශ්වාසභංග යෝජනාව විවාදයට අදහස් දක්වන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රීවරයා අඛණ්ඩව කතා කරමින් සිටියි. විශ්වාසභංග යොජනාවත් සමග ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන් වී ඇති බවත් ඔහු පැවැසීය.
" හෘද සාක්ෂිය වෙනුවට මුදල් සාක්ෂිය කතා කළා. හකීම් ඇතුළු ඇමතිවරුන්ගේ රෙදි ගැලවී තිබෙනවා. ජාතික ආණ්ඩුව දෙකඩ වී අවසන්. ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය ඉවරයි. ආණ්ඩුවේ 22ක් විශ්වාසභංග යොජනාවට පක්ෂය අත ඉස්සවූ විට ආණ්ඩුවේ තුනෙන් දෙක අවසන්. මාස තුනක් ඇතුළත ව්‍යවස්ථා සංශෝධනයක් දෙන බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගත්තා."