උතුරේ මහ ඡන්ද කොල්ලයකට ආණ්ඩුව සූදානම්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
උතුරේ සංචාරය කිරීමට පැමිණෙන විදේශිකයන් සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ගැනීමට රජය නියම කර තිබෙන්නේ ඒ හේතුවෙන් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මේ හරහා මැතිවරණ කාලසීමාවේදී අපක්ෂපාතී ඡන්ද නිරීක්ෂකයන් හා අනෙකුත් පාර්ශ්වයන්ට උතුරට ගමන් කිරීමට ඇති හැකියාව රජය විසින් සීමා කර තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි.