රජය තුළ තම සහභාගීත්වය වෙනුවෙන් ඉදිරි වසර දෙක හමාරක කාලය තුළ ක්‍රියාත්මක කළ යතු වැඩ පිළිවෙළ ඇතුළත් යෝජනාවලියක් මේ මස අගදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක් මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත.
මේ යෝජනාව දැනටමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විසින් සකස්කරමින් සිටින බව ස්වදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පැවැසීය.
ගතවූ වසර දෙකක කාලය තුළ ආණ්ඩුව ගෙන ගිය ආර්ථික, සංවර්ධන කටයුතු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඉදිරි කාලය තුළ රජය ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මෙම යෝජනාවලිය සකස් කර ඇති බවද ලංසා මහතා පැවැසීය.
මෙතෙක් සෑහීමකට පත්නොවී බලවත් කළකිරීමට පත්ව ඇති රජයේ මැති ඇමතිවරුන්ගේ අත්සනින් යුතු යෝජනාවලියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව අවධානය යොමුකර කඩිනමින් තීන්දු තීරණ නොගතහොත් තදබල තීන්දුවලට එළැඹීමට ඇතැන් මන්ත්‍රීවරුන් දැනටමත් තීන්දුකර තිබෙන බව ඔහු ප්‍රකාශ කළේය.
දයාසීලි ලියනගේ - ඉරිදා ලංකාදීප ඇසුරෙනි